We Play Together | Tamil + Sinhala

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව, 2014වර්ෂයේ සිට සෑම වසරකම අප්‍රේල් මස 06වන දින ‘සාමය සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික ක්‍රීඩා දිනය‘ සැමරීම ප්‍ර‍කාශයට පත් කරනු ලැබුවා. ඒ 1896ග්‍රීසයේ ඇතෑන්ස්හිදී පැවැත්වූ පළමුවන නවීන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සිහිපත් කෙරෙමින්. ලෝකය තුළ සාමය සහ සංහිඳියාව ක්‍රීඩාව තුළින් ඇති කළ යුතුය යන පරමාර්ථයෙන් ඇරඹි මෙම දිනයට සමගාමීව ලොව පුරා සාමය හා සංවර්ධනය පදනම් කරගත් බොහෝ සුභ සාධන කටයුතු පැවැත්වෙනවා. මෙම උදාර සංකල්පය පෙරදැරි කරගත් ශ්‍රී ලාංකික තරුණ පිරිසක්, මෙම මස 06වැනිද දිනට යෙදෙන සිවුවැනි “සාමය සහ සංවර්ධනය සඳහා වූ අන්තර්ජාතික ක්‍රීඩා දිනය“ නිමිත්තක් කොට ගෙන ශ්‍රී ලංකාව තුළ සාමය, සමගිය හා සහජීවනය ක්‍රීඩාව තුළින් ඇති කළ හැකිය යන සංකල්පය මත #WePlayTogether යන තේමාවෙන් (අපි එක්ව ක්‍රීඩා කරමු) ගීතයක් නිර්මාණය කර මේ වන විට අන්තර්ජාතික මට්ටමේ පැසසුමට පාත්‍ර‍ සිටිනවා.මෙම ගීතය එළිදැක්වූ පසුගිය 04වැනි දා යාපනයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔවුන් පවසා සිටියේ ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව වර්ධනය කිරීමට ක්‍රීඩාව යොදා ගත හැකි බවත්, මේ ආකාරයෙන් සිංහල දමිළ පිරිස් එක්ව කටයුතු කිරීමෙන් වාද බේද නොමැති ඉතා ලස්සන ශ්‍රී ලංකාවක් ගොඩනැඟිය හැකි බවත්ය.

ගීතයට දායක වූවන්-

ஒன்றிணைந்து விளையாடிடுவோம்| Let's Play Together | එක්ව ක්‍රීඩා කරමු

#IDSDP #IDSDP2017 #WePlayTogether #WhiteCard

සිංහල දමිළ සහෝදරත්වයේ සංකලනයක්
#ප්‍රධාන සංවිධායක-සිවරාජා ගෝබිනාත්
(ජාතික ඔලිම්පික් කමිටුව-ශ්‍රී ලංකාව)
#භාෂා සම්බන්ධීකාරක-ඉන්ද්‍රජිත් කුමාර
(යාපනය විශ්වවිද්‍යාලය -විද්‍යා පීඨය)
#සිංහල පද රචනය-නෙලුම් ඇලපත්ගම
(යාපනය විශ්වවිද්‍යාලය -නීති දෙපාර්තමේන්තුව )
#සිංහල ගායනය -දුලාන් වීරසිංහ
(යාපනය විශ්වවිද්‍යාලය -නීති දෙපාර්තමේන්තුව )
-ෂවීන් සචින්ත (යාපනය විශ්වවිද්‍යාලය -නීති දෙපාර්තමේන්තුව )
- නෙලුම් ඇලපත්ගම
(යාපනය විශ්වවිද්‍යාලය -නීති දෙපාර්තමේන්තුව )
#දමිළ පද රචනය-මතීශන් තානබාලසිංහම්
(poovan media- jaffna )
#දමිළ ගායනය - මතීශන් තානබාලසිංහම්
(Poovan media- jaffna )
#වීඩියෝ සංස්කාරක -ශෂිකරන් යෝ
(Ytsatudios pictures- jaffna )
#ඉංග්‍රීසි rap-වොල්ට
-ජේබප්‍රශාන්ත් ජයරූබන්
-මතීශන් තානබාලසිංහම්
#සංගීත අධ්‍යක්ෂණය සහ සංගීතය -මතීශන් තානබාලසිංහම්
(Poovan media)