නව උසාවි සංකීර්ණයක් ජනපති අතින් විවෘත කෙරේ

නව උසාවි සංකීර්ණයක් ජනපති අතින් විවෘත කෙරේ  

ගලගෙදරමහේස්ත්‍රාත් උසාවිය  විවෘත  කිරීම අද (මැයි 22) උදැසන අතිගරු ජනාධිපති මෛත්‍රීපාලසිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

එම අවස්ථාවට අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා , අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා , අමාත්‍ය සරත් අමුණුගම, අමාත්‍ය නවින් දිසානායක මහතා ,මධ්‍යම පළාත් මහා ඇමති සරත් ඒකනායක ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් සහ ගරු අගවිණුසුරු ප්‍රියසාද් ඩෙප් මැතිතුමා,නීතිපති ජයන්ත ජයසුරිය මැතිතුමා, ගරු  අධිකරණ ලේකම් තුමා ඇතුළු අධිකරණ ක්ෂේස්ත්‍රයේ ඉහළ නිළදාරින් පිරිසක් සහභාගි විය.

එම අවස්ථාවේදී පැමිණ සිටි පිරිස ඇමතූ ජනාධිපති තුමා මැයි 22 දිනයේ වැදගත් කම පිළිබදව මෙසේ අදහස් දැක්විය. “අධිකරණ ක්ෂේස්ත්‍රය අප රට තුල  සම්පුර්ණ නිදහස්  හා  ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් වුයේ ස්වයිරිත්වය  තුල   72 මැයි 22 වෙනිදා ව්‍යවස්ථාවෙන් බව  ඔබ අප කවුරුත් දන්නවා. ඒ වගේම අපි හැම විට කතාකරන සමාජ සාධාරණත්වය, මිනිස් මුලික අයිතිවාසිකම් , නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය මේ කරුණු සදහා අපේ වර්තමාන රජය බලයට පත් වීමෙන් පසු 18 වැනි සංශෝධනය අහෝසි කිරීමත්,19 වන සංශෝධනය සම්මත කිරීමත් මේ රටේ පොදු මහජනතාව ලැබූ විශිෂ්ටතම ජයග්‍රණයක් විදිහටයි අපි දකින්නේ”