කත්‍රිනාගෙන් රසිකයන්ට ආරාධනා

කත්‍රිනාගෙන් රසිකයන්ට ආරාධනා

තම නිවසට පැමිණෙන ලෙස කත්‍රිනා කායිෆ් සිය රසික රසිකාවියන්ට ආරාධනාවක් කළා. පසුගියදා මුහුණු පොතේ සටහනක් තබමින් ඇය සදහන් කර තිබුනේ “මගේ අලුත් නිවසේ ලිපිනය දුන්නොත් ඔයාලා එනවද?” යන්නයි.

    දැනටමත් මේ සටහනට මනාප මිලියන 2ක් ලැබී තිබෙනවා. මේ දිනවල කත්‍රිනා Tiger Zinda Hai චිත්‍රපටයේ රූගත කිරීම් වලට දායක වී සිටින අතර ඇය සහ රන්බීර් කපුර් රංගනයෙන් දායක වූ Jagga Jasoos චිත්‍රපටය ලබන ජූලි මාසයේ තිරගත වීමට නියමිතයි.