මාස්පොත එස්.අයි ඝාතකයා පොලීසිය සමග ගැටුමකින් මරුට..

මාස්පොත එස්.අයි ඝාතකයා පොලීසිය සමග ගැටුමකින් මරුට...

පසුගිය නොවැම්බර් මස කුරුණෑගල මාස්පොතදී වෙඩිතබා එස්.අයි වරයෙකු ඝාතනය කල සිදුවීමේ ප්‍රධාන සැකකරු වූ මාතර රොෂාන් නැමැත්තා සහ ඔහුව අල්ලා ගැනීමට කොළඹ සිට හම්බන්තොටට ගිය විශේෂ පොලිස් කණ්ඩායම අතර හම්බන්තොට දී ඇති වූ වෙඩි හුවමාරුවකින් රොෂාන් නැමැති පාතාල සාමාජිකයා මිය ගොස් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.හයිබ්‍රිඩ් මොටර් රථයක් පැහැර ගැනීමේ සිදුවීමකට අදාළව 119ඔස්සේ කුලීරථ සපයන ආයතනයකින් ලද පැමිණිල්ලකට අදාළවකුරුණෑගල මාස්පොත නවාතැන් සපයන හෝටයක් අසල වාහනය නවතා අැති බවට ලද සාක්ෂි මත (ජී.පී.එස් තාක්ෂණයට හරහා) ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් මිය ගියේ උප පොලිස් පරීක්ෂක ලංසකාර හේරත් මුදියන්සේලාගේ දසනායක නැමති 59 හැවිරිදි පුද්ගලයෙකි.