සැමියාගේ මිතුරන් එකතු වී බිරිඳ සමූහ දූෂණයට ලක්කර වීඩියෝව අන්තර්ජාලයට මුදා හරී.

සැමියාගේ මිතුරන් එකතු වී බිරිඳ සමූහ දූෂණයට ලක්කර වීඩියෝව අන්තර්ජාලයට මුදා හරී.

ආබාධිත යුධ හමුදා සෙබළෙකු ගේ ලඟම හිතවතුන් 10දෙනෙකු ඔහු නිවසේ නැති වේලාවක නිවසට ඇතුළු වී ඔහුගේ තරුණ බිරිඳව අමානුෂික ලෙස දූෂණය කර එය වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැරීමේ පුවතක් ගම් සිංහාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

 එක්දරු මවක් වන ඇය මීට වසරකට පෙර සිදු වූ එම සිදුවීම පිළිබඳ  පොලීසියට පැමිණිලි කර ඇති අතර විමර්ශන වලින් අනතුරුව එකී 10දෙනා අත්අඩංගුවට ගෙන ගම්පොළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.වසරක් පුරාවට බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණි එම පිරිස එකී කාන්තාවගෙන් පළිගැනීමේ අදහසින් එම සමූහ දූෂණ වීඩියෝව අන්තර්ජාලයට මුදාහැර ඇතැයි පැවසේ.මේ වන විට ඊට අදාළ පරීක්ෂණ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ මූලිකත්වයයෙන් පැවැත්වේ.