පාසල් සිසුවෙකුට ලිංගික අතවර කල කාන්තාවට සිර දඩුවම්

පාසල් සිසුවෙකුට ලිංගික අතවර කල කාන්තාවට සිර දඩුවම්

බාල වයස්කාර පාසල් සිසුවෙකුට ලිංගික අතවර කලබවට චෝදනා ලැබූ කාන්තාවකට අනුරාධපුර මහාදිකරණ විණිසුරු මහේෂ් වීරමන් විසින් වසර 3කට වසර7 බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කලා.

16 කණුව, අලිවන්ගුව,පේමඩුව පදිංචිව සිටින යුදහමුදා සෙබළෙකුගේ බිරිදක වන අදාළ විත්තිකාරියට සිරදඩුවමට අමතරව එක චෝදනාවකට රු 500 බැගින් වූ දඩ නියම කල අතර දඩ මුදල් නොගෙවන්නේනම්  මාස තුන බැගින් වූ සිරදඩුවම් නියම කලා.

අදාළ කාන්තාවගේ සැමියා මසකට වරක් පමණක් පැමිණෙන බැවින් ඇතැම් දින වල ඇය දරුවාගේ නිවසට පැමිණෙන බවත්, බාලවයස්කාර දරුවා නිවසට කැදවාගෙන ගොස් අතවර කල බවත් වාර්තා වෙනවා.

විත්තිකාර කාන්තාව අදිකරණයට සාක්ෂි දෙමින් කියා සිටියේ බලවයස්කරු විසින් විටින් විට තමාට ලිංගික හිරිහැර කල බවයි. නමුත් පැමිණිලි පාර්ශවය නගාතිබු චෝදනාව සාදාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට සමත් උනා.