අතුරුදන් පියාගේ මල සිරුර ගොඩ ගැනීමට අදිකරණයේ අවසර ...

අතුරුදන් පියාගේ මල සිරුර ගොඩ ගැනීමට අදිකරණයේ අවසර ...

බිරිඳ,දියණිය හා දියණිය ගේ සැමියා අත්අඩංගුවට,

වත්තල ප්‍රදේශයේ හිටි හැටියේ අතුරුදහන් වූ පුද්ගලයෙකු පිළිබඳ අසල්වැසියන් නිවැසියන්ගෙන් විමසීමේදී ඔහු ඥාති මළ ගෙදරක ගොස් පැමිණි වහාම ඕස්ට්‍රේලියාව බලා පිටත් වූ බවක් ඔවුන් පවසා ඇත.මේ පිළිබඳ ඇති වූ සැකය මත අසල්වැසියන් එම සිදුවීම පොලීසියට දැනුම් දී ඇති අතර පොලීසියෙන් එකී නිවසට පැමිණ ප්‍රශ්න කර තිබේ.

පොලීසිය පිටත් වූ වහාම නිවැසියන් බඩු මුට්ටුත් රැගෙන පළා ගොස් ඇති අතර එහිදී ඔවුන් ගමන්කල ස්කූටි යතුරු පැදියද අනතුරට ලක් වී ඇත.කෙසේ වෙතත් මේ වන විට අතුරුදහන් වී ඇති පුද්ගලයාගේ බිරිඳ,දියණිය හා දියණිය ගේ සැමියා මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයා ඝාතනය කර සිරුර ගෙවත්තේ වළ දමා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.එම සිරුර වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරය මත අද දිනයේ ගොඩ ගැනීමට නියමිතයි.