පිරිමි

පිරිමි, තේරෙන වයස එන විට, පවුල් වීමට නොයෙකුත් අර අදින අතර, රැකියාවක්, නිවසක්ආදිය ක්‍රමක්‍රමයෙන් සපයා ගෙන තරුණියක් ද සොයා ගනී. ගැහැණු නම් ඊට උදව් කරනඅතර විවාහයෙන් පසු දෙදෙනා එක ව එක් අරමුණකට වැඩ කරයි. ඉහත දැක් වූ පියවරසම්පූර්ණ කිරීම කියන ආකාරයට පහසු නො වේ. අතිශය අපහසු ය. නිරන්තර වෙහෙස වීමඅවශ්‍ය ය. පවතින තරඟකාරි සමාජයේ එය අතිශයින් ම අපහසු ය. මේ නිසා විවාහයතෙක් සියලු අභියෝග පිරිමියා බොහෝ විට තනි ව ඉතා පරිශ්‍රමයකින් ජය ගන්නා අතරඒ සමඟ තරුණියක සිතත් ගනි. කාර්යයවල අපහසුතාවත්, ජයග්‍රහණයත් නිසා එතැන්පටන් පිරිමියා අඟල් කිහිපයක් ඉහළින් සිටින අතර එතැන් පටන් පවුල ඇද ගෙන යාමටබිරිඳට දැඩි පරිශ්‍රමයන් දැරිය යුතු. පිරිමියා තේරෙන වයසක සිට දහමට අනුවජීවත් වීමට, දහම හැදෑරීමට කාලය වෙන් නො කරන අතර උක්ත කරුණු ම මුල් කොට ගනී.ජයග්‍රහණයෙන් පසු කෙසේ වත් වෙලාව වෙන් කර නො ගන්නා අතර, දරු සුරතල් ලැබුණුවිට දහම අමතක ම වේ. තරුණිය නම් බොහෝ විට හදාරන දහමක් නැති අතර හැදෑරුවේනම් විවාහයත් සමඟ එය නතර වේ. දරු සුරතල් ලැබුණු විට කිසි විටක වෙලාව වෙන්කර නො ගනී. මෙහි වෙලාව වෙන් කිරීම යනු ප්‍රමාණවත් වෙලාව වෙන් කිරීම යි. අඩුතරමින් විටක දෙමාපිය සත්කාරවලට ද වෙලාව යොදා නො ගනි. මෙම රටාව අද බෞද්ධසමාජයේ 95%ක රටාව යි. මෙම රටාව වසර 25-30ප්‍රමාණයක බොහෝ විට සිව යන අතරඑයින් කිහිප දෙනෙකුට එම අවධියේ දි සත්‍යය සෙවීමේ උවමනාව ඇති වේ. කෙනෙකුඑතනින් තේරුම් නො ගනි. වයස 70,80 වන තෙක් හැල්මේ දුවත්. අහෝ තවත් කෙනෙක්මරණය තෙක් දිවීම නතර නො කරන අතර මරණින් පසු ගෙනියන දෙයක් නැත. වයස 90 ක්වුව, 6 4නො දැන මිය යන්නේ ය. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ.වි.මු.ධ.බණ්ඩාර