පලෙයි ප්‍රහාරය කරේ කවුද? සෝදිසි මෙහෙයුම්

 පලෙයි ප්‍රහාරය කරේ කවුද? සෝදිසි මෙහෙයුම්

අද (මැයි19) පලෙයි අරසකේනි කච්චරු ප්‍රදේශයේදී ජංගම මුර සේවාවේ යෙදී සිටි පොලිස් රථයකට වෙඩි ප්‍රහාරක් එල්ල උනා.   ඒ පිළිබදව පොලිසිය හා යුධහමුදාව ඒකාබද්ද මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන්ට කිසිදු හානියක් සිදු වී නොමැති අතර T56 ගිණි අවියක් ප්‍රහාරයට යොදාගත් බවට පොලිසිය සැක කරයි.

රණවිරු සමරු වැඩසටහන ආරම්බ කිරීමට පැය කිහිපයක් තිබියදී සිදුකරන ලද මෙම ප්‍රහාරය සිදුකල පුද්ගලයා හෝ පුද්ගලයන් පලාගොස් ඇති අතර, කැලයේ සැගව සිට අදාළ ප්‍රහාරය සිදු කර ඇත.