සයිටම් ආයතනයට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලෙන් අද දිනයේ ‍රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර...

සයිටම් ආයතනයට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලෙන් අද දිනයේ ‍රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර...

රජයේ වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්වන රෝගීන් සඳහා අද දිනයේ නොමිලේ ඹෟෂධ නිකුත් කිරීමට නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ කළමනාකාරීත්වය කටයුතු කර ඇත.

මේ අතර වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය කබීර් හෂීම් මහතා "අපි වෘත්තීය ක්‍රියාමාර්ග වලට නිදහස් පසුබිමක් හදලා තියෙනවා.නමුත් කුමන්ත්‍රණකාරීව කටයුතු කරන වෘත්තීය සමිති තමන්ගේ බළල් අතක් කරගන්න උත්සහ කරන පුද්ගලයන්ටත් ප්‍රතිචාර දක්වන්න අපි ලෑස්තියි.අළුත් නීති රීති අවශ්‍ය උනොත් ඒවාත් පනවලා පොදු ජනයාට අපහසුතාවයක් ඇති නොවෙන්න කටයුතු කරන්නත් අපි සූදානම්.පසුගිය ජනාධිපතිවරයාගේ කාළයේ ඇතිකල සයිටම් ආයතනය, ඊට මුල්වූ පුද්ගලයන් විසින්ම අභියෝගයට ලක්කර ජනතාව මුලා කිරීමට උත්සහ දරණ බවට ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

කෙසේ උවද අද පැවති වර්ජනය හේතුවෙන් රෝහල් රාශියක වැඩ කටයුතු අඩපණ වී ඇති අතර පාසල් දෙකක් පමණක් වසා දමා ඇත.එමෙන්ම දුම්රිය වලින් 80%ක් පමණ ධාවනය වී ඇති අතර ලංගම බස්රථ සාමාන්‍ය පරිදි ධාවනයේ යෙදී ඇත.