රස්ලින් පිටියේ ඇත්ත කතාව

රස්ලින් පිටියේ ඇත්ත කතාව

ලංකාවෙ විතරක් නෙවෙයි රස්ලින් බලනකට්ටිය ලෝකෙ වටේම ලක්ස ගානක් ඉන්නවා.ජෝන් සීන කිව්වහම ඉතින් දැන් දන් නැති කෙනෙක් නැති තරම්.හැබැයි මේ ජෝන් සීන විතරක් නෙවෙයි අපි දන්න හැම රස්ලින් ක්‍රීඩකයෙක්ම කරන්නෙ පිටපතකට අනුව රංගනයක් කියල රස්ලින් බලන බහුතරයක් දෙනා තවම නොදන්න කාරණයක්..

සරලවම කියනව නම් රස්ලින් කියන්නෙ TV සීරියස් එකක් වගේ.හැබැයි මේ රගපෑම සාර්තකව කරගන්න අපේ මේ රස්ලින් ක්‍රීඩකයො ලොකු කැපකිරීමක් කරනව.තරගයෙ ජය පරාජය පිටපතකට අනුව සිද්ධ උනත් තරගය අතරතුර මොවුන් ඉදිරිපත් කරන සටන් ක්‍රම නම් බොහෝ කාලයක් පුහුනුවීම් වල යෙදිල කරන්න ඕනි දෙයක්..

 ඇත්තටම රස්ලින් කිව්වට මේ රගපෑම වෙන්නෙ අපි බලන WWE වගේ ප්‍රෝ රස්ලින් ආයතන තුල විතරයි.UFC වගේ ඇත්තටම සටන් (MMA) කරල ජයග්‍රාහකය තෝරන ආයතනත් ලෝකෙ ඕනි තරම් තියෙයි.හැබැයි මිනිස්සු වැඩිපුරම කැමති WWE ආයතනය පවත්වන තරග බලන්න.UFC සටන් කරුවෙක් වන බ්‍රොක් ලස්නර් පවා WWE තරග බිමේ දක්නට ලැබෙනව.හැබැයි බ්‍රොක් ලස්නර්ල රස්ලින් ලෝකෙට ආවෙත් මේ රගපෑමක් සිදුකරන WWE ආයතනය හරහාම තමා 2002අවුරුද්දෙ..ඇත්තටම වර්තමාන WWE ආයතනයේ සිටින බයානකම සටන් කරුව ලස්නර් කිව්වොත් වරදක් නෑ.

ඔහු එල්ල කරන සප්ලෙක්ස් කියන ප්‍රතිවාදියව පිටිපස්සට වීසිකරන පහර වර්තමාන ලෝකයෙ ජනප්‍රියම රස්ලින් පහර කිව්වොත් වරදක් නෑ..හැබැයි ඔය සප්ලෙක්ස් එක ගහන්නත් ප්‍රතිවාදී ක්‍රීඩකයගෙ සහය ලස්නර්ට ඕනි කියල හැමෝම දන් නැතුව ඇති.ඒ තරමටම මේක එකිනෙකා අතර අවබෝදයෙන් කරන ත්‍රාසජනක රගපෑමක් තමා..

මේ රස්ලින් ආයතන දක්සයට තැන දෙනවද කියන එක ගැන ලොකු විවාද සමාජ ජාල හරහා දැන් කතා බහ වෙනව.ඒ කාලෙ ජෝන් සීනල ඒ තරම් දක්ස නොවුනත් ඔවුන්ගෙ රගපෑම දක්ෂ නිසා මිනිස්සු අතරට ගියා.හැබැයි ෆේස් බුක් වගේ සමාජ ජාල ඒ කාලෙ තිබ්බෙ නෑ.තිබ්බ නම් අද හැමෝම දන්න රෝමන් රෙයින්ග්ස් කියන ක්‍රීඩකයට සමාජ ජාල හරහා එන විරෝධතා සීනට එදා එන්න ඉඩ තිබුන.රෝමන් කියන්නෙ ඇමරිකන් බාස්කට් බෝල් ක්‍රීඩකයෙක්.ඔහුව රස්ලින් වලල්ලට ගෙනෙල්ල පිටපතකට අනුව වෘත්තිමය රස්ලින් ශූරයො වගේම අන්ඩර්ටේකර් වගේ වසර ගනනාවක් කැපකිරීම් කරපු රස්ලින් ක්‍රීඩකයො පරාජයට පත්කිරීම ගැන පේක්සකයො ගොඩක් ඉන්නෙ නොසතුටෙන්.ඒත් ඉන්දියාව වගේ තුන්වෙනි ලෝකෙ රටවල රෝමන් කියන චරිතය වීරය කරගත්තු රස්ලින් පේක්ෂකයො ඇති තරම් හොයා ගන්න පුලුවන්.ඒකට හේතුව ඔවුන් මේ රගපෑම ගැනකිසිම දෙයක් නොදැන සිටීම කියන එකත් රහසක් නෙවෙයි..

 WWE ආයතන අයිති වින්ස් මික්මෑන් කියන කෝටිපතියට .වර්තමාන ඇමරිකානු ජනාදිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙ අතිජාත මිත්‍රයෙක් තමා මේ වින්ස්..

කාලයක් ඩොනල්ඩ් ට්‍රම්ප් WWE තරග බිමෙත් අපිට දකින්න ලැබුනෙ මේ යාලු කමට කරපු සැලකිල්ලක් විදියට කියල ගොඩක් අය දන්නවත් ඇති..

වින්ස් පේක්ෂකයන්ට රස්ලින් ක්‍රීඩකයො අතරින් වීරයො දුෂ්ටයො (Face / Heel) චරිත හදුන්වල දෙනව.දුෂ්ටය කරන්නෙ හොර කරල වීරයව පරාද කරන එක හරි නැත්නම් වීරයගෙන් ඇතිවෙන්න ගුටි කන එක හරි..හැබැයි මේ ඇත්තටම ගහගන්නව කියල හිතන අපේ රස්ලින් පේක්සකයො පැය දෙක තුනක් එකදිගට මේ සටන් දිහා බලන් ඉන්නෙ පුදුම ඇබ්බැහිවීමකින්..

අවසාන වශයෙන් කියන්න ඕනි රස්ලින් රගපෑමක් උනත් සමහර ක්‍රීඩකයො තමන්ගෙ ජීවිතේ පවා නැතිකරගත්ත මේ රස්ලින් ක්‍රීඩාව නිසා..ඕවන් හාට් කියන ක්‍රීඩකය රස්ලින් වලල්ල තුලට කේබල් එකකින් ඇතුල් වෙන්න ගිහින් කේබල් එක කැඩිල යකඩ වැටකට වැටිල මියගිහින් තියෙනව..ඒ වගේම දිගින් දිගටම හිසින් ප්‍රහාර එල්ල කරපු රස්ලින් ලෝකෙ තාක්සනයේ රජු ලෙස සලකපු ක්‍රිස් බෙන්ඔට් කියන ක්‍රීඩකය තමන්ගෙ දරුපවුල ඝාතනය කරල තමනුත් සියදිවි නසා ගන්නව 2007අවුරුද්දෙ..ඒකට හේතුව වුනෙත් ඔහු දිගින් දිගටම හිසින් පහර දීම නිසා මොලයට සිදුවූ හානි වීම් මත ඇතිවුන මානසික ආබාද තත්වයක් කියලයි පසුව හොයාගත්තෙ..

ඉතින් මේ රගපෑම ඇතුලෙ වෙන ගොඩක් දේවල් දැන් ඔයාල දැන ගන්න ඇති..රගපෑමක් කියල දැනගත්ත කියල රස්ලින් බලන් නැතුව ඉන්න එපා.වෙනද වගේම රස්ලින් බලන්න.හැබැයි දැන් ඔයාලට මේ වෙන්නෙ මොනවගේ දෙයක්ද කියල හරියටම අවබෝද කරගෙන රස්ලින් බලන්න පුලුවන්