ගීතාට සියල්ල අහිමි වේ...

ගීතාට සියල්ල අහිමි වේ...

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ඊයේ (03) රිට් ආඥාවක් නිකුත්කර ඇත.ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වීම අභියෝගයට ලක් කරමින් 2015මාර්තුමස පෙත්සමක් ගොනුකර තිබුණේ ගාල්ල දිස්ත්‍රික් පදිංචිකරුවන් වන කේ.ඩබ්ලිව් බුවනෙක සහ ජේ.කේ අමරවර්ධන ඇතුළු සිව්දෙනෙක් විසිනි.මෙයට බලපා ඇති දෝෂය වන්නේ ගීතා කුමාරසිංහ මහත්මිය ස්විස්ටර්ලන්ත පුරවැසිභාවයත් සමග ද්විත්ව පුරවැසිභාවය සහිතව ශ්‍රී ලංකාවේ මහමැතිවරණයට ඉදිරිපත් වී තිබීමයි.

කෙසේ වෙතත් මෙම තීන්දුව නීති මගට ගොස් කල්දමා ගැනීමේ හැකියාව ඇය සතුව ඇත.ඒ පිළිබඳ අදහස් දැක්වූ ඇය පවසා සිටියේ මෙය කාන්තාවක් ලෙස තමාට සිදුවූ බලවත් අසාධාරණයක් බවත් තමා ආණ්ඩුවට එකතු වූයේ නම් මෙවන් ප්‍රශ්නයක් ඇති නොවන බවත්ය.