ඩොනල්ඩ් ලංකාවේ වේග පන්දු ප්‍රබලයන් සමගින් කරට කර....

ඩොනල්ඩ් ලංකාවේ වේග පන්දු ප්‍රබලයන් සමගින් කරට කර....

වර්තමාන එංගලන්ත කේන්‍ට් ප්‍රාන්ත කණ්ඩායමේ සහය පුහුණුකරු අැලන් ඩොනල්ඩ් චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පන්දු යැවීමේ උපදේශකයෙකු ලෙස වැඩ බාරගැනීම සඳහා ඊයේ (01) ලංකාවට පැමිණ අැත.දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් පළමු ටෙස්ට් කඩුළු 300රැස්කල පන්දු යවන්නා වන ඔහු අයි.පී.එල් කණ්ඩායම් දෙකක් සමග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කර අැත.මේ අනූව චමින්ද වාස්,චම්පක රාමනායක,රවීන්ද්‍ර පුෂ්පකුමාර සහ නුවන් සොයිසා අැතුළු හිටපු වේග පන්දු යවන්නන් සමග එකතු වී ඩොනල්ඩ් ද ශ්‍රී ලංකාවේ වේග පන්දුව ශක්තිමත් කරනු අැත.