ඇත්තටම හෙළයන් යනු කවරහුද ?

ඇත්තටම හෙළයන් යනු කවරහුද ?

හෙළ ජාතිය පිටසක්වලින් පැමිණි ජාතියක් නිසා ඇමරිකාවේ නාසා ආයතනය පිටසක්වල ජීවින්ට යැවූ සාම පණිවිඩයේ දෙවැන්නට සිංහල බස ඇතුළු කළේය. එයට බලපෑ ප්‍රධානතම කාරණය වූයේ ලාංකිකයන් ලෙස අප පිළිනොගත් රාවණ තාක්‍ෂණය ඇමරිකානු Area 51 පර්යේෂණ තුළින් සනාථ කර ගැනීමයි.

අපට රාවණ යුගය මිත්‍යාවක් වුවත් එය දිනෙන් දින නව තාක්‍ෂණය සොයා යන පංච මහා බලවතුන්ට නම් මිත්‍යාවක් වූයේ නැත. විශ්වය පුරා දියුණු ජීව වර්ග හය දහසකටත් අධික සංඛ්‍යාවක් ජීවත් වන බව මේ වනවිට සොයාගෙන හමාරය.

රාවණ පරපුර නැතහොත් සූර්යයාගේ සිට පැමිණි පරපුර පෘථිවියට පැමිණියේ ඇල්නිලම් යන තාරකාවේ සිට බවට විශ්වාසයක් පවතී. ඇල්නිලම් තාරකාව යනු ක්‍ෂිතිජය පුරා විසිර ඇති තරු රටා අතර පිහිටි දඩයක්කාරයා නැතහොත් ඔරායන්ගේ බඳ පටියේ මධ්‍යයේ ඇති තාරකාවයි. පහත රූපය බලන්න.

ඔරායන් යනු හෙළ වදනකි. එනම්, ඔ=ඔහු,රා=රාවණ, යන්=යන්, ඒ අනුව ඔරායන් යනු "ඔහු රාවණයන්" යන්නයි. අද යුරෝපීයයන් එය දඩයක්කාරයා ලෙස හඳුණාගෙන සිටියත් ඔරායන් තාරකා රාශියේ සිටින්නේ ශ්‍රී රාවණයන් ය.

බලන්න ඒ දඩයක්කාරයා තාරකා රාශියේ ඇති සිංහයා සහිත පළිහ, ඉන් පෙනෙන්නේ හෙළ ජාතිය පිටසක්වලයන් විසින් ආරක්ෂා (පළිහෙන් නිරූපනය කෙරෙන්නෙ ආරක්ෂාව) කරන බවයි. එනයින් අපගේ හෙළයින්ගේ අභිමානය පිටසක්වලයන් විසින් මුළු විශ්වයටම ශපථ කරයි