සාලුගේ අලුත් පෙමත් අනතුරේ

සාලුගේ අලුත් පෙමත් අනතුරේ

බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන්ගේ අලුත් පෙම්වතිය ලෙස සැලකෙන ලුලියා වැන්චුර් හා සල්මන් අතර ගැටළුවක්  ඇති වී ඇතැයි බොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

ඩබාන්ග් චිත්‍රපටියේ ප්‍රචාරක කටයුතු සදහා නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව යන රටවල සංචාරයක නිරත වූ සල්මන් ඒ සදහා බොලිවුඩ් නළු නිලියන් ඇතුළු පවුලේ සාමාජිකයන් කිහිපදෙනෙකු සහබාගි කරගත් අතර , එම සංචාරයට සහබාගි වීමට ලුලියාට අවස්ථාව හිමි වුයේ නැත.

නමුත් එම සංචාරයට එක්වී වේදිකාවේ ගී ගැයීමට ද ආශාවෙන් සිටි ලුලියා ඒ පිළිබදව සල්මන්ගෙන් කිසිදු අනුබලයක් නොලැබීම පිළිබදව කණස්සල්ලෙන් පසු වෙන බව වාර්තා වෙයි. එම සම්බන්දය බිද වැටීමේ පෙර ලකුණු පහළ වී ඇති බව බොහෝ දෙනා පවසයි.