මධ්‍යම කඳුකරයටත් තද වැසි ඇද හැලෙන ලකුණු

මධ්‍යම කඳුකරයටත් තද වැසි ඇද හැලෙන ලකුණු

බෙංගාල බොක්ක ආසන්නයේ ඇති MORA නම් සුලි කුනාටුව තව දුරටත් දිවයිනෙන් ඈතට යමින් පවතින අතර හෙට දිනයේදී බංගලදේශයේ ගොඩබිම් හරහා ගමන් කරනු ඇති බව අද (29) දහවල් 12.00ට කාලගුණ දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කරන ලදී .

ඒ බලපෑම හේතුවෙන් අද දින වැසි ඇති විය හැකි බවත් සුලං සහිත විය හැකි බවත් පවසන ලදී.

දිවයිනේ විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් වල සහ දිවයින වටා මුහුදු ප්‍රදේශ වල සුලං වල වේගය පැයට කිලෝමීටර් 80දක්වා ඉහල යා හැකි බව ඔවුන් නිවේදනය කර සිටියි. එමෙන්ම මධ්‍යම කඳුකරයට 100mmට වැඩි වැසි ඇතිවිය හැක.