ගිනිගත් ගුවන් යානයක් කටුනායකට...

ගිනිගත් ගුවන් යානයක් කටුනායකට...

තායිලන්තයේ සිට දෝහා බලා පියාසර කරමින් තිබූ තුල යානයක් හිටි හැටියේම ගින්නක් හට ගැනීම නිසා එම යානය කටුනායක ගුවන්තොටුපළට ගොඩබස්වා තිබෙනවා.එම යානය කටුනායක ගුවන්තොටුපළට 8.27ට ගොඩබස්වා ඇති අතර එය ගොඩබාන අවස්ථාව වනවිට ගුවන්තොටුපළෙහි හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරමින් ගිනි නිවන රථ,රෝගීන් ප්‍රවාහනය කිරීමට ගිලන් රථ ආදිය සූදානම් කර තිබුණා.

කෙසේවෙතත් ගුවන් නියමුවා ආරක්ෂිතව ගුවන්යානය ගොඩබෑමට සමත් උන අතර එහි මගීන් 208 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ 15 දෙනෙකු සිටි බවයි වාර්තා වී ඇත්තේ.කටුනායක ගුවන්තොටුපළ එම යානයෙහි නැවතුම්පොළක් නොවන අතර එහි පැමිණි මගීන්ගෙන් පිරිසක් වෙනත් ගුවන් යානයකින් පිටත්වී ගොස් තිබෙනවා.