අද තරඟය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් වෙනස්කම් රැසක්...

අද තරඟය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් වෙනස්කම් රැසක්...

අයි.පී.එල් 2017 තරඟාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග අද පැවැත්වෙන තීරණාත්මක තරඟය සඳහා වෙනස්කම් රැසක් සිදුකර ඇති බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කළමනාකාරීත්වය පවසයි.මෙම තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම ලබන ඉරිදා ස්ටීවන් ස්මිත් නායකත්වය දරන රයිසින් පූනේ කණ්ඩායම සමග අවසන් මහා තරඟයට සහභාගි වීමට සුදුසුකම් ලබයි.

නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කිසිම වෙනසක් සිදුකර නොමැති අතර හයිද්‍රාබාද් කණ්ඩායම සමග ක්‍රීඩා කල කණ්ඩායමම අද තරඟයට සහභාගි වනු ඇතිබව ආරංචි මාර්ග පවසයි.

‍නොනිල ආරංචි මාර්ග වලට අනූව අද තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට පෙර තරඟයට ක්‍රීඩා කල අම්බති රයිදු වෙනුවට නිතිෂ් රානා සහ කරන් ෂර්මා වෙනුවට හර්බජාන් සිං යන ක්‍රීඩකයන් කැඳවීමට නියමිතය