මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වූ එකම පවුලේ දෙදෙනෙකුට අසාධ්‍යයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වූ එකම පවුලේ දෙදෙනෙකුට අසාධ්‍යයි.

 පිළියන්දල නගරයේදී පසුගිය 09වන දා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගන්න ගියපු පොලිස් නිළධාරීන් හ‍ා ජාවාරම්කරුවන් අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් එකම පවුලේ දරුවන් තිදෙනෙකු ඇතුළුහය දෙනෙකු වෙඩි ප්‍රහාරයට ලක්උනා.එහිදී වෙඩි ප්‍රහාරයට ගොදුරු උනු එක් පොලිස් කොස්තාපල්වරයෙකු මියගියා.

මත්කුඩු කිලෝ 10ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරන බවට ලැබුණු ඔත්තුවකට අනූවයි එම පොලිස් වැටලීම සිදු වී තිබුනේ.මෙහිදී පොලිස් නිළධාරීන් ගමන් කල මෝටර් රථ දෙකකට හා වෑන් රථයකටත් හානි සිදු උනා.සිද්ධියෙන් තුවාල ලැබූ එකම පවුලේ තිදෙනා ඇතුලත් කෙරුනේ කළුබෝවිල ශික්ෂණ රෝහලටයි.

මෙහිදී තුවාල ලද එක් දරුවෙකු ප්‍රහාරයෙන් දින තුනකට පසු සුවය ලබා රෝහලෙන් පිටවී ගියා.නමුත් බරපතල තත්වයේ පසුවන 17හැවිරිදි පාසල් සිසුවෙකු හා ඔහුගේ නැගණිය තාමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.ඔවුන් දෙදෙනාගේ ප්‍රතිකාර සඳහා රුපියල් මිලියනයක මුදලක් ජනාධිපති අරමුදලෙන් ලබා දී ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම ප්‍රහාරයට ලක් වූ දොළොස් වියේ පසුවන පාසල් සිසුවිය කළුබෝවිල ශික්ෂණ රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත්තේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් මතයි.මේ අතර මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ දරුවන්ගේ මව්පියන් හා ඥාතීන් පිරිසක් පිළියන්දල නගරයේදී විරෝධතායක නිරත උනේ එම දරුවන් පිළිබඳ බළධාරීන් ගේ අවධානය යොමු උනේ නැති බව පවසමින්.මේ අතර ඊයේ උදෑසන පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කළුබෝවිල රෝහලට ගොස් දරුවන්ගේ සුවදුක් විමසුවා.