මුහුණු පොතෙන් කෙල්ලන් විකිණීම ඊසි කෑෂ් ක්‍රමයට...

මුහුණු පොතෙන් කෙල්ලන් විකිණීම ඊසි කෑෂ් ක්‍රමයට...

අන්තර්ජාලයෙහි කාන්තා ඡායාරූප ප්‍රසිද්ධ කර කැමති අයෙක් සමග යහන්ගත වීමට හැකි බව පවසමින් මුදල් ගරන ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක වන බව වාර්තා වෙනවා.කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටයක නමක් යොදා ගනිමින් එම ෆේස් බුක් ගිණුම සකස්කර හොර රහසේම එම ජාවාරම ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ.

ගැණුම්කරු විසින් අදාළ ඡායාරූපයේ ඇති කාන්තාව තෝරා එහි ඇති ජංගම දුරකතන අංකයට කතා කල පසු, එම අමතුමේ සිටින පුද්ගලයා ලබාදෙන දුරකතන අංකයට මුදල් ඊසි කෑෂ් ක්‍රමයට එවන ලෙස ගැණුම්කරුට දන්වයි.එසේ නොමැතිව කාන්තාවන් සිටින ස්ථානය/හෝටලය පැවසිය නොහැකි බව පවසමින් ගැණුම්කරුවන් ගොනාට අන්දවයි.

මේ ඡායාරූප වලට ලොල්වී මුදල් දැමූ පසු අදාළ අංකය ක්‍රියාවිරහිත වන අතර ඊට ටික දිනකට පසුව වෙනත් දුරකතන අංක යොදා ගනිමින් ජාවාරම පෙර ලෙසම ක්‍රියාත්මක ව‍ෙනවා.කුරුණෑගල,කෑගල්ල සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් මෙම උගුලට හසු වී ගලේ පැහැරූ බළල්ලුන් ගේ තත්වයට පත්ව ලැජ්ජාව නිසා නිහඬව සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.