ලොවක් හඩවා මරණයට පත්වූ රස්ලින් ලෝක ශූරයා

ලොවක් හඩවා මරණයට පත්වූ රස්ලින් ලෝක ශූරයා

ඒ 1975 වර්ෂයයි.ඇමරිකාවෙන් පැමිණි සංචාරක යුවලක් හා ඔවුන්ගේ යැයි සිතිය හැකි වයස අවුරුදු 8 ක පමන කුඩා කොලුගැටයෙක් කැනඩාවේ ටොරෙන්ටෝ නුවර සංචාරයේ යෙදෙන මොහොතකි.වීදියක කෙළවරක රැස්වුන මිනිසුන් රංචුවක් කරා ඔවුන් පියමැන්නේ කුමක් හෝ කලබලයක් වී ඇත්දැයි දැනගැනීමටයි.නමුත් දුටු දර්ශනයෙන් කොලුගැටයා ප්‍රීතියෙන් පිනා ගියේය." ඔහ් වීදි සටනක් " මම කැමතිම එකක්"ඔහුගේ මුවින් එක් වරම පිටවුනි.දෙමාපියන්ගෙන් මිදුනු ඔහු සටන පැවති ස්තානයට දිව ගියේය.ඔහුගේම වයසේ යැයි සිතිය හැකි තවත් කොලු ගැටයෙක් උනන්දුවෙන් සටන නරඹන බව ඔහුට දක්නට ලැබුනි.ඔහු කරා පියමැන්න මොහු"මරු නේද ඔයා හැමදාම බලනවද "කියා විමසන ලදී"ඔව් ඔව් මමත් ආසයි ලොකු වෙලා ඔහොම ගහගන්න' අනික් කොලු ගැටයා පිලිතුරු දුනි.ඔයාගෙ නම මොකද්ද සංචාරක කොලුවාගෙන් තවත් ප්‍රස්නයකි."මම ක්‍රිස් ඔයා කවුද "නමුත් පිලිතුරු දිමට වෙලාවක් නොලැබුනි.

" එඩී එන්න අපිට පරක්කු වෙනවා"මවගේ විදානයට අවනත වූ දරුවා ආගන්තුක මිතුරාට අත වනා යලි මව වෙත දිව්වේයසමහරක් විට මේ හමුව දෛවෝපගත හමුවක් බව ඇමරිකාවට යන තෙක් පුංචි එඩීට නොසිතෙන්නට ඇතකාලය වේගයෙන් ගෙවී ගියේයරස්ලින් වලට නෑකම් කියන පරපුරක උපන් එඩී ඔහුගේ පියාගේ හා සොහොයුරාගේ අඩිපාරේ යමින් වයස 18ක් සපිරෙන විට ප්‍රෝ රස්ලින් පිලිබද ඉතාම හොද පුහුනුවක් සම්පූර්න කලේය.මෙක්සිකෝව ඒ සදහා ඔහුට ලොකු පිටිවහලක් විය..

 දිනෙන් දින රස්ලින් වලින් සන්නද්දව වර්දනය වුන මේ තරුනයා ඔහුට වයස 20 ක් වෙද්දී 1987 දී CMLL නම් ආයතනය හා එක්ව රස්ලින් දිවිය ආරම්බ කරන ලදී..කාලයක් එහි රස්ලින් ප්‍රගුන කල ඔහු විශාල අත්දැකීම් ප්‍රමානයක් ලබාගන්නා ලදී.ඔහුගේ කෲස්වේ කුසලතාවය වර්දනය කරගත්තේ එම අවදියේදීයිඅනතුරුව සියල්ලෙන් සන්නද්ද වන මේ තරුණයා 1992 දී වයස 25 ක් සපිරෙද්දී AAA නම් ඇමරිකානු රස්ලින් ආයතනය හා එක් විය.තම කුලුදුල් ශූරතාවයට එහිදී හිමිකම් කියන මොහු AAA යුගල ශුරයෙක් විය.

කාලයක් එහි රැදී සිටින මොහු ඒ කාලයේ තවත් රස්ලින් කුසලතා වර්දනය කර ගන්නා අතර1993 දී ජපානයෙන් ලැබෙන ආරාදනයක් පිලිගන්නා මේ තරුනයා ජපානය බලා යන්නේ තම දිවියේ කුඩාකල හමුවූ කොලු ගැටයා එහි සිටින බව හාන්කවිසියක්වත් නොදැන වියයුතුය.ජපානයට යන මොහුට එහි වසර කිහිපයක් ක්‍රීඩාකරන කැනඩානු ක්‍රීඩකයෙක් හමුවෙයි.පෙගාසස් කිඩ් ලෙස ජපානයේම ප්‍රචිලිත මේ ක්‍රීඩකයා ගැන එඩී විශාල පැහැදීමක් ඇතිකර ගනියි.මොහුගේ ඇත්ත නම ක්‍රිස් බව දැනගන්නා එඩීට වසර ගනනකට පෙර කැනඩාවේදී හමුවූවේ මොහු බව සිහිවන්නේ නම් නැත.නමුත් ජපානයේදී හමුවන ක්‍රිස් හා එඩී ලොකු මිතුදමක් ඇති කරගන්නා ලදී..

 ජපානයේ දී NJPW ආයතනයේ විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබාගන්නා මොහු නැවතත් 1995අග බාගයේදී ඇමරිකාවට පැමිනෙන අතර ලොක ප්‍රකට ආයතන වනECW හා WCW ආයතන වල දොරගුලු එඩී වෙනුවෙන් විවර වෙන්නේ මේත් සමගයි..1995දී Ecw වලදී යලිත් ක්‍රිස්ව හමුවෙන එඩී ඔවුන්ගේ මිතුදම තරකර ගනී..ඔවුන් දෙදෙනාම එහිදී Ecw ලෝක රූපවාහිනී ශුරතවයට හිමිකම් කියන අතර ECW ආයතනයේ සුපිරිම නැගී එන ක්‍රීඩකයන් බව ලෝකයම හදුනාගනී..

 ඩීන් මොලෙන්කෝ හා ක්‍රිස් හා එක්වන මොහු 1996වසරේ WCW කෙලිබිමේ සුපිරි වැඩ අරබන අතරWCW united stated heavyweight කිරුලට හිමිකම් කියයි..අනතුරුව කෲස්වේ කිරුලත් නැවතත් ඇමරිකානු කිරුලත් හිමිකරගන්නා මේ ක්‍රීඩකයා ක්‍රිස් බෙන්වා හා එක්ව වසර කිහිපයක් wcw කෙලිමඩලේ සුපිරිම තාක්සනය හිමි ක්‍රීඩක යුවල ලෙස නාමය රදවා සිටී..ක්‍රිස් wcw ලෝකශූරතාවය පවා ලබාගන්නා අතර මොවුන්ගේ බැදීම තවත් වැඩිවෙයි.අනතුරුව මොවුන් ලෝක රස්ලින් මහගෙදරබදු WWF ආයතනයට එක්වීමට තීරණය කරයි..

 ඒ ඔවුන්ගේ රස්ලින් දිවියේ ස්වර්ණමය යුගයයි.WWF WWE ලෙස හදුන්වන කාලයයි.එහිදී ඔහුට මිතුරන් රැසක් හමුවෙ.රේ මිස්ටීරියෝ කර්ට් ඈන්ගල් ක්‍රිස් ජෙරිකෝ යන අග්‍රගන්‍ය රස්ලින් ක්‍රීඩකයන් හමුවන එඩී තමන්ටම ගැලපෙන චරිතයක් WWE තුල ගොඩනගා ගනියි.WWE වලල්ලේ සුපිරිම හීල් ක්‍රීඩකයා බවට පත්වන මොහු රස්ලින් වලල්ලේ විහිලුකාරු ලෙස නමක් දිනාගනී..ක්‍රිස් බෙන්වා සමග සටන් ගනනාවක් ඇතිකරගත්තත් මොවුන්ගේ මිතුදම එලෙසම පවතී.තම කැනඩා සගයා 2004රම්බල් තරගය ජයගන්නා විට එඩී ඊටපසු තරගාවලියේ බ්‍රොක් ලස්නර් සමග WWE ශුරතාවයට තරග කිරීමට සුදුසුකම් ලබයි..

මුලු පේක්ශකාගාරයම එඩී ලෙස පුවරු අතට ගෙන ඇත.එඩී එඩී එඩී සෑම තැනක ම ඇසෙන්නේ ඒ නමයි.NO way out තරගාවලියේ ප්‍රවේශපත් අහිමි පිරිස් ක්‍රීඩාංගනයේ දොරටු කඩාගෙන ඇතුලට එන්නේ එඩී ලස්නර්ට එරෙහිව සටන් කරන ආකාරය නැරබීමටයි.තරගය ඇරබෙයි.එඩී වසර 20 ක් තම අත්දැකීම් යහමින් යොදාගනී.අවසානයේ බ්‍රොක්ව පරදන මොහු wwe ශූරයා බවට පත්වේ..

එතෙක් කල් wwe තරගයක දුටු හොදම පේක්ශක ප්‍රතිචාර එදා ඔහුට ලැබෙයි.කදුලු පිරි දෑසින් එඩී පේක්ශකයන් අතරට යන්නේ සතුට වාවාගත නොහැකිව වියයුතුය.Wrestlemania 20 තරගාවලිය දෙසලෝකයම බලා සිටී.ක්‍රිස් බෙන්වා ත්‍රිපල් එච් සතු ලෝක කිරුලට අභියෝග කල කාලයයි.ශෝන් මයිකල් පසෙකින් සිටී.ඔය අතර wwe ශූරයා වූ එඩී කර්ට් ඈන්ගල් සමග සටනක් යෙදී ඇත.එම සටන විශාල පරිශ්‍රමයකින් ජයගන්නා එඩී තම මිතුරා බෙන්වාගේ ලෝක ශූරතා තරගය කෙරෙහි දෙනෙත් යොමුකරයි..

 එම සටන අවසාන වෙයි.රස්ලින් ලෝකයේ තාක්සනයේ රජු එකල බිහිවූ අග්‍රගන්‍ය රස්ලින් ක්‍රීඩකයා ක්‍රිස් බෙන්වාට්‍ර්පල් එච් හා මයිකල් පරාජය කර ලෝක ශූරයා බවට පත්වේ..එඩී wwe ශූරතාවයත් රැගෙනඑම ස්තානයට පැමින බෙන්වා වැලද ගන්නා අතර පේක්ශකයො සියලුදෙනාම මේ සංවේදි මොහොතේ හඩාවැලපේ.ලෝකයම පිලිගන්නා පරිදි wwe ඉතිහාසයේ දෛවෝපගතම අවස්තාස සංවේදීම අවස්තාව එසේ නිමාවෙයි..

ටික කලකින් JBL හමුවේකිරුල අහිමිවන මොහු ඉන්පසු බැටිස්ටා හා රේ මිස්ටීරියෝ සමග ඇතිකරගත් සටන් තවමත් ලෝකයම තවමත් කතාබහ කරයි..WWE ත්‍රිපල් ක්‍රවුන් හා ග්‍රෑන්ඩ්ස්ලෑම් ශූරයෙක් වූ එඩී මිය යන තෙක් හොදම තරුගුණය සහිත රස්ලර් සම්මානය හිමිකරගැනීමට ජෝන් සීනාටවත් නොහැකිවිය.එනම් WWE ආයතනය සතු හොදම පරිපූර්න රස්ලර් එඩී බව නොරහසකි.තාක්සනය හා තරුගුනය අතින් ලෝකයේ අංක එකේ ක්‍රීඩකයෙක් වු මොහු ගේ කුසලතා කිසිම දිනක අපේ හදවත් තුලින් බොදවී නොයනු ඇත.

වරස 38ක් පිරෙන මේ අසහාය ක්‍රීඩ්කයාට 2005නොවැම්බර් මාසය ඉරනම් මාසයක් විය.හෝටල් කාමරයක වැටී ඔහුගේම නෑදෑ සොහොයුරෙක් වූ චාවෝට එඩීගේ මල සිරුර හමුවේ .මුලු රස්ලින් ලෝකයම හඩා වැටේ.පේක්සකයින්ට මෙය ඉවසිය නොහැකමෙයක්‍රිස් බෙන්වා ට සිහි නැතිවෙන කාරනයක් වියතම සගයා තමන් හැර ගොස් ඇත.

රස්ලින් ලෝකයක් හඩද්දී එඩී වෙනුවෙන්ම තරගාවලියක් පවත්වන ලදි.අවසන් තරගය ක්‍රිස් බෙන්වා හා ට්‍රිපල් එච් අතරයි.තරගය අවසානයේ බෙන්වා හා ට්‍රිපල් එච් හඩා වැලපේ.පේක්ශකයො තුස්නිම්බුතව බලා සිටී.සමහරුන් එඩී එඩී ලෙස කෑගසයි.නමුත් එඩීට පනදීමට මේ කිසිවෙක්ට නොහැක.අවසානයේ මාරයා හමුවේ රස්ලින් ලෝකයේ පුරාවෘතයක් අකලට නිමාවට පත්වේ..

වසර දෙකක් ගතවීමෙන් පසු ඔහුගේ සගයා බෙන්වාද එඩී සොයා යයි.ඔවුන් දෙදෙනා තවමත් ස්වර්ගයේ ලෝක රස්ලින් ශූරයින් ලෙස වැජබෙනවා නිසැකය..