භයංකර ළමා දූෂකයෙකු කොටු වූ හැටි

භයංකර ළමා දූෂකයෙකු කොටු වූ හැටි

මේ සිදුවීම ඇමරිකාවේ සිදු වූ සිදුවීමක් උනත් මේ කතාව අපිට ගොඩක් වැදගත් වෙන්නේ මේ වගේ සිදුවීම් පෙළක්මපසුගිය සමයේ ලංකාවෙනුත් වාර්තා වුනු නිසයි.ඇමරිකාවේ උථා නගරයේ වාසය කරපු එඩී-ලුවිස් යුවළ 2001නොවැම්බර් මාසයේ ටවුමට ගියේ ගෙදරට අවශ්‍ය කරපු බඩු බාහිර මිලදී ගන්න හිතාගෙනයි.ඔවුන් පදික වේදිකාවේ ගමන් කරන විට එහි සිටි යාචකයෙක් ඔවුන්ට අතපෑවා.එතන නතර උන එඩී "ලුවිස් මෙයාට කීයක්හරි දෙන්න" යැයි පවසමින් ලුවිස් දෙස බැලුවා.එඩී පැවසූ වදනට අවනත උන ලුවිස් මාරු කාසි කීපයක් අර පුද්ගයාට දුන්නා.පිරිසිදු ඇඳුම් ඇඳගන හිටපු ඒ යාචකයා ඉතා විනීත ලෙස කතා බහ කලා."මම ගෙවල් නැති අය වෙනුවෙන් යාඥා කරන්නෙක්.මගේ නම එම්මානුවෙල්" ඔහු ප්‍රකාශ කලා."අපේ ගෙවත්තේ වැඩ වගයක් තියෙනවා.ඔයාට කරන්න පුළුවන් ද?" එඩී විමසුවා.එ් ඉල්ලීම නිසා එදාම හවස එඩී-ලුව්ස් යුවළගේ ගෙදර ආපු එම්මානුවෙල් ගෙවත්තේ වැඩ කරලා ඊට හරියන වැටුපකුත් අරන් ආපසු ගියා.

 2002ජුනි මාසේ 04වැනිදා එඩී හා ලුවිස් කාර්යබහුල වෙලා හිටියේ එළිසබ‍ෙත් ලොකු දුවගේ පාසලේ ත්‍යාග ප්‍රධානෝත්සවය නිසයි.පවුලේ හැමෝම ඒ උත්සවය ඉවරවෙලා අතරමඟදී හෝටයකින් රෑට කෑමත් කාලා ගෙදරට ආවේ හොඳටම රෑ වෙලා.වෙනදා වගේම දරුවන් ගේ නිදන කාමර වල දොරවල් හොඳට වහලද කියලා බලපු එඩී හැමෝටම පස්සේ නින්දට ගියා.

තද නින්දක හිටපු මේරි එකපාරම නිදන කාමරයෙන් ආපු සද්දයක් නිසා ඇහැරුණා.ඇඳේ අනිත් පැත්තේ එළිසබ‍ෙත් නෑ කියලා ඒ වෙලාවේ මේරිට තේරුනා.රතුපාට නිදන ඇඳුම ඇඳගෙන එළිසබ‍ෙත් තාමත් නිදන කාමරේ මැද ඉන්නවා මේරි අඳුර මැදින් දැක්කා.එ්ත් තවත් කවුදෝ කාමරේ ඉන්නවා....ඒ තාත්තද? අයියද ? මේරි තනියම හිතුවා.ඒ අමුත්තා එලිසෙබත්ට තරවටු කරන හඬ අැහුනු මේරිගේ ඇඟ කිළිපොලා ගියා."කෑ ගැහුවොත් තොපි සේරම මරනවා" පිස්තෝලයක් අතින් අරන් හිටපු අමුත්තා කෑ ගැහුවා.කට හඬේ පුරුදු ගතියක් දැනුනත් මේ බිහිසුණු නිමේෂයේ දී හරියටම ඒ කටහඬ අඳුරගන්න මේරිට පුළුවන් උනේ නෑ.සපත්තුයි මේසුයි දාගෙන ඉක්මන්ට මාත් එක්ක එන්න" එවර සන්සුන් හඬින් අමුත්තා එලිසෙබත්ට කතා කලා.තවත් මොහොතකින් එලිසෙබත් අමුත්තාත් සමග අඳුරේම අතුරුදහන් උන හැටි දැකපු මේරී එඩී සහ ලුවිස් ගේ කාමරයට කෑ ගසමින් පැමිණියා.

පොලීසියට සිදුවීම වාර්තා වෙද්දී වෙලාව පාන්දර 4.13යි.එලිසෙබත් සෙවීමේ මෙහෙයුම් ඇරඹුණා.පසුදා උදෑසන ප්‍රාන්ත රෑපවාහිනියේ පෙනී සිටි එඩී සහ ලුවිස් හැඬූ කඳුලෙන් ඉල්ලා සිටියේ තම දියණිය නිරුපද්‍රිතව මුදා හරින ලෙසයි.එඩී-ලුව්ස් යුවලගේ උපකාරයට නිවසට පැමිණි පිරිස් නිසා බොහෝ සළකුණු මැකී ගොස් තිබුණා.ඇඟිලි සළකුණු හෝ ඩී.එන්.ඒ පරීක්ෂණයකට පාවිච්චි කරන්න පුළුවන් කිසිම දෙයක් ඉතිරිවෙලා තිබුණේ නැති නිසා පොලිස් පරීක්ෂණ ඇල්මැරුණු තත්වයට පැමිණියා.එලිසබෙත් ගේ ඡායාරූප දහස් ගණනින් ප්‍රාන්තය පුරාවට ඇලවෙන අතරතුරේ දී ඇය සොයා දෙන්නෙකුට ලැබෙන සංතෝෂමත් දිනෙන් දින ඉහළ ගියා.එඩී-ලුව්ස් යුවලගේ උදව්වට පැමිණි පිරිස 2000ත් ඉක්මවූවා.

 පොලිස් පරීක්ෂණ පළාතේ ප්‍රසිද්ධ ළමා අපරාධකරුවන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක උනා.රිකී සහ එඩ්මන් නම් වූ එවැනි අපරාධකරුවන් දෙදෙනෙක් වෙත විශේෂ අවධානයක් යොමු උනා.එඩී නොදැනුවත්ව රිකී නැමැත්තා විසින් එඩීගේ නිවසින් හොරකම් කරපු භාණ්ඩ වගයක් හමුවීම නිසා ඔහුව පොලිස් අත්අඩංගුවට පත් උනා.ඔහුට විරුද්ධව නඩු විභාගයේදීත් එලිසබෙත් ගැන යමක් හෙලිඋනේ නෑ.කොහොම උනත් ඔහු හිරගෙදරට නියම වී එහිදීම මිය ගියේ හොරකමේ ආදීනව විදහාපාමින්.

ඊළඟ මාස 04තුල එලිසබෙත් ගැන කිසිම ආරංචියක් නැතිව ගෙවී යද්දී එඩී-ලුව්ස් යුවල හැඬූ කඳුලෙන් දිගටම මහජනයාට ආයාචනා කල‍ා.ඔක්තෝබර් මාසයේ දිනක මේරි එක්වරම පියා ලඟට දිවගියා."තාත්තේ මට මතක් උනා.එලිසබෙත්ව අරන්ගියේ එම්මානුවෙල්.ඒ කටහඬ එයාගේ" මේරි කීවා.එඩී මේ ගැන පොලීසියට කීවත් එම්මානුවෙල් නමින් අපරාධකරුවෙකු පොලිස් පොතේ සටහන් නොවීම නිසා පොලීසිය ඒ හෝඩුවාව පිළිබඳව එතරම් උනන්දු උනේ නෑ.පොලීසිය දිගටම විශ්වාස කලේ මියගිය රිකී අපරාධකරු බවයි.

ඉන්පසුව බලාපොරොත්තු අත්හැර නොගත් එඩී රෑපවාහිනී වැඩසටහන් නිවේදකයෙකු හමු උනා.එම නිවේදකයා එලිසබෙත් ගේ අතුරුදහන්වීම පිළිබඳව වැඩ සටහනක් කල අයෙක්.ඔහු මේරි කියපු අළුත් විස්තරත් සමග එම්මානුවෙල් ගේ රූ සටහනක්ද ප්‍රසිද්ධ කලා.මේ වැඩසටහන නැවත නැවතත් ප්‍රචාරය වන විට ඩෙරික් නැමැත්තෙකු එම්මානුවෙල් ව හඳුනාගන්න සමත් උනා.එම්මානුවෙල් නම් වූ පුද්ගලයා ඩෙරික් ගේ මව සමග කලකට ඉහත දී "මිචෙල්"යන නමින්විවාහ වී සිටි අයෙක්.මිචෙල් ඒ වන විට විවාහ 03ක් කරගත් අයෙක්.අමුතුම ආකාරයේ ආගමක් අදහමින් ශාන්තුවරයෙකු ලෙස පෙනී සිටි මිචෙල් ගේ අරමුණ වූයේ විවාහයන් 49ක් කරගනිමින් ඔහු ඇදහූ දෙවියන් වහන්සේ ගේ කැමැත්ත ඉටු කිරීමයි.

මේ අතර වැඩසටහන නැරඹූ මිචෙල් ගේ දෙවන කසාදයේ බිරිඳ "ඩෙබී"ද ඔහු පිළිබඳව තොරතුරු පොලීසියට ලබා දුන්නා.රූපවාහිනී වැඩසටහනට පසු මිචෙල් ගැන තොරතුරු ගලා ආවත් කැලිෆෝනියාවේ දී ගැහැණු ළමයෙකුට අතවර කිරීමේ සිදුවීමකට අදාළව මේ වන විටත් ඔහු සිරගත වී සිටින බව කිසිවෙකු දැන සිටියේ නෑ.

 එදා රෑ එලිසබෙත්ව පැහැරගත් මිචෙල් ඇයව ගෙන ගියේ කැළයේ තිබූ තැනකටයි.එහි ඔහුගේ තෙවන බිරිඳ "වැන්ඩ‍ා" ද සිටියා.එහිදී එලිසබෙත් ගේ දෙපා ගැට ගැසූ ඔහු ඊලඟට කලේ චාරිත්‍රානුකූලව ඇයව විවාහ කරගැනීමයි.ඔහු ශාන්තුවරයෙකු බව සිතූ වැන්ඩා ද ඔහුගේ සියළු කටයුතු වලට උපකාර කලා.මේ අතරතුර එලිසබෙත් පැන යාමට උත්සහ නොකලේ ඇයව ස්වකීය කැමැත්තට යටපත් කරගැනීම මිචෙල්-වැන්ඩා සමත් වූ නිසයි.

මේ අතර ළමා අතවර සිදුවීමට සිරගතව සිටි මිචෙල් ඉන් නිදහස් වී යළිත් පැමිණියා.තිදෙනාම යළිත් සිඟා කෑමට "සොලට් ලේක්" පළාතට පිටත් වන විට එලිසබෙත් ගේ පෙනුම වෙනස් කර ඇයව රැගෙන යාමට ඔවුන් අමතක කලේ නෑ.එහිදී රූපවාහිනී වැඩසටහන නිසා මිචෙල්ව හඳුනාගත් කීප දෙනෙකු පොලීසියට දුරකතන ඇමතුම්වල ප්‍රතිඵලයක් ලෙස තිදෙනාම පොලිස් අත්අඩංගුවට පත් උනා

.මේ අතර දැරිය එලිසබෙත් බව හඳුනාගෙන නොසිටි පොලීසිය එඩී‍ව කැඳවූයේ මිචෙල්ව හඳුනාගැනීම සඳහායි.එහිදී එලිසබෙත් දැක ඇය වෙත දිවගිය එඩී සිය දියණිය වැළඳගෙන සතුටු කඳුළු සැලුවා.දැරිය හමු වූ පුවත ඇසූපළාතේ වැසියන් නගරයට පැමිණ ප්‍රීති ඝෝෂා පැවැත්වූවා.අතුරුදහන් වී මාස 09කට පසු හමු වූ එලිසබෙත් කියා සිටියේ "මං අඬමින් මාව නිදහස් කරන ලෙස ඔහුට වැඳ වැටී පැවසූවා.ඒත් ඔහු කන් දුන්නේ නෑ.ඔහු කලේ මා විවාහ කරගෙන මට කරදර කරපු එක" යන්නයි.මෙහිදී අත්අඩංගුවට පත්වුණු මිචෙල් ජීවිතාන්තය දක්වා සිරගත කලා.එලිසබෙත්ව වෛද්‍ය පරීක්ෂණයකට ලක් කලත් එහි ප්‍රතිඵලය හෙළිකිරීම ඇගේ පවුලේ අය විසින් ප්‍රතික්ෂේප කලා.