හලාවතෙන් කෝටි 200ක කුඩු

හලාවතෙන් කෝටි 200ක කුඩු

පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසාපති ඒකකයට මාස 03ක් පුරාවට ලද තොරතුරු මත අද දින කෝටි 200ක කුඩු ජාවාරමක් කොටු කරගැනීමට පුත්තලම බුද්ධි අංශ නිළධාරීන් සමත් උනා.ඔවුන් හලාවත මුතු පංතිය දූපතේදී අද අලුයම මෙම වැටලීම සිදුකලා.එහිදී සැක කටයුතු ඩිෆෙන්ඩර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි අසුරා තිබූ කිලෝ 1හෙරොයින් පැකට් 198ක් සොයාගැනීමට පොලීසිය සමත් උනා.

පොලීසිය පවසන්නේ ඒවා වයිට් ෂුගර් වර්ගයේ හෙරොයින් බවයි.ඒවා ප්‍රවාහනය කල 54හැවිදිරි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු කළුබෝවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.මේවා පාකිස්තානයේ සිට ඩුබායි නැවකින් මුහුදු මාර්ගයෙන් ගෙන ආ බවට සැක කෙරෙනවා.