නිවසට පැමිණ ඒඩ්ස් වෛරසය එන්නත් කරනවද? ඇත්ත කතාව මෙන්න

නිවසට පැමිණ ඒඩ්ස් වෛරසය එන්නත් කරනවද?ඇත්ත කතාව මෙන්න

නිවසට පැමිණ නොමිළේ රුධිරය පරික්ෂා කර දෙන බව පවසමින් H.I.V වෛරසය එන්නත් කරන බවටත්, මෙය isis ත්‍රස්තවාදී ක්‍රියාවක් බවටත් මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ විශාල වශයෙන් ප්‍රචාරය වෙනවා.

මේ සම්බන්දයෙන් කිසිදු පැමිණිල්ලක් වාර්තා නොවූ බවයි. පොලිස් මාද්‍ය ප්‍රකාශක වරයා පවසන්නේ.

මේ පිළිබදව අදහස් දැක්වූ සෞඛය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසුවේ, ලංකාවේ බොහෝ ප්‍රදේශ වල මහජන සෞඛ්‍ය ක්සේස්ත්‍ර නිලධාරියෝ ඔවුන්ගේ රාජකාරි ඇදුමෙන්  රාජකාරි හැදුනුම්පත රැගෙන ගෙවල් වලට පැමිණෙන බවත්, ඒ බරවා රෝගය හේතුවෙන් අවශ්‍ය ලේ පටල ගැනීමට  උවමනා ප්‍රදේශ වලට බවත්, මෙය ලංකාවේ පිළිගත් ජාතික ව්‍යාපෘතියක කොටසක් බවත්ය. එතුමා විසින් ව්‍යාජ අනතුරු ඇගවීමක් සිදු කර මිනිසුන් බය කිරීමට දායක නොවන ලෙස ඉල්ලීමක්ද සිදුකරන ලදී.