ආරක්ෂක ලේකම් හා හමුදාපති මානව හිමිකම් කොමිසමට

ආරක්ෂක ලේකම් හා හමුදාපති මානව හිමිකම් කොමිසමට

හමුදා සේවයේ දී ආබාදිත වූ සෙබළුන් පිරිසකට වරප්‍රසාද අහිමු කළ බවට ලද චෝදනාවකට පිළිතුරු දීම සදහා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා හා හමුදාපති ලුතිනල් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා මැයි 22 වන සදුදා දින මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව ඇත.

ක්‍රියාන්විතයේදී සෘජු ප්‍රහාරයකට ගොදුරු නොවුනද ගැටුම් හා සම්බන්ද සෙසු ක්‍රියාකාරකම් වලදී ආබාදිත වූ තමන්ටවයස අවුරුදු 55 වන තෙක් හිමි වැටුප් හා දීමනාද,ඉන්පසු විශ්‍රාම වැටුපත් අහිමි කළ බවට චෝදනා කරමින් ආබාදිත සෙබළුන් පිරිසක් විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ගොනු කළේය. එම පෙත්සම ගොනුකරනු ලැබුවේ කෝප්‍රල් ආර්.ඩි විමලසේන ඇතුළු පිරිසක් විසිණි.