“එල් ඩොරාඩෝ” ශකිරාගෙන් ලගදීම

“එල් ඩොරාඩෝ” ශකිරාගෙන් ලගදීම

“එල් ඩොරාඩෝ” ලෙස නම් කර ඇති ශකිරාගේ නවතම ගීත ඇල්බමය මැයි මස 26 වන දින නිකුත් කරන බව හොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

කොලොම්බියානු ජාතික ගායිකාවක, ගීත රචිකාවක, මෙන්ම නර්තන ශිල්පිනියකද වන ශකිරා, මුලින් ලතින් භාෂාවෙන් ගීත ගැයුවත් ඇගේ පස්වන ගීත ඇල්බමයේ සිට ඇය ඉංග්‍රීසි  භාෂාවෙන් ගීත ගායනා කිරීමට පටන් ගත්තාය.

පසුගිය මැයි මස 11 වන දින ශකිරා, ඇයගේ ටුවිටර් පිටුවේ “එල් ඩොරාඩෝ” ඇල්බමයේ කවරය සහිත චායාරූපයක් පළකරමින් පවසා සිටියේ ඇයගේ නවතම ගීත ඇල්බමය මැයි මස 26 වන දින නිකුත් වන බවයි. ඇයගේ නව ගීත ඇල්බමයක් එනතුරු බලාසිටි රසික රසිකාවියන්ට මෙම ඇල්බමයේ දොරට වැඩුම සුබ ආරංචියක් වන බව නිසැකය.