හබරණ සිදු වූ රිය අනතුකින් අලියෙකු මරුදකී

හබරණ සිදු වූ රිය අනතුකින් අලියෙකු මරුදකී.

ඊයේ රාත්‍රී 08ට පමණ හබරණ- ත්‍රීකුණාමලය ප්‍රධාන මාර්ගයේ තලපත් කන්ද ප්‍රදේශයේ කිලෝමීටර් 121කණුව අසලින් පාර මාරුවෙමින් සිටි වන අලියෙකු මෝටර් රථයක ගැටීමෙන් එහි ගමන්කල 07දෙනෙකුට තුවාල සිදුවී එම වන අලියා මියගොස් තිබෙනවා.

මොටර් රථය අධික වේගයකින් ධාවනය වීම නිසා එම අනතුර සිදු වූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.මෙම ප්‍රදේශයේ වල් අලීන් පාර මාරුවන බව මාර්ග දෙපස ඉදිකර ඇති පුවරුවල සඳහන්කර තිබුණත් නොසැලකිලිමත් රිය ධාවනය නිසා මෙවැනි අනතුරු කිහිපයක්ම පසුගිය කාලසීමාව තුල වාර්තා උනා.

තුවාල ලැබූ පිරිස අතර ත්‍රීකුණාමලය රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක් ඇති අතර කුඩා ළමයින් දෙදෙනෙකුත් ඒ අතර සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.ඔවුන් සියලු දෙනා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.