අත්තඩංගුවට ගත් කාන්තාව පොලිසියේදී පිරිමියෙක් වෙලා

අත්තඩංගුවට ගත් කාන්තාව පොලිසියේදී පිරිමියෙක් වෙලා

මහනුවර බස් නැවතුම්පලේ  රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළදාරින් විසින් ඊයේ දිනයේදී සැක සහිත හැසිරීම් රටාවක් හේතුවෙන් කාන්තාවක් අත්තඩංගුවට ගන්නා ලදී. මුස්ලිම් කාන්තාවක් ලෙස පර්දාවකින් සැරසී සිටි ඇය බොහෝ වෙලාවක සිට එහි රැදී සිටි කාන්තාවන් කෙරෙහි අවදානය යොමු කොට ඇත.

ඒ පිළිබදව අවදානයෙන් සිටි පොලිස් නිලදාරීන් විසින් කාන්තා නිලදාරිනියක් කැදවා ඇගෙන් ප්‍රශ්න කිරීමට සුදානම් වන විට ඇය බස් රථයක නැග පලායාමට උත්සහ දරා ඇත. එම අවස්ථාවේදී පොලිස් නිළදාරින් විසින් බස් රථය නවත්වා ඇය අත්තඩංගුවට ගන්නා ලදී.

පසුව මෙම කාන්තාව පොලිස් ස්ථානයට කැදවා සිදුකල පරික්ෂාවේදී හෙළිවූයේ ඇය කාන්තාවක් ලෙස වෙස් වලාගත් පුරුෂයකු බවයි.

මහනුවර මයිලපිටිය ප්‍රදේශයේ පදිංචි 27ත් හැවරදී එක්දරු පියෙකු වන මොහු, සිය බිරිදගේ අනියම් සම්බන්දතාවයක් හසුකරගැනීමට  මෙලෙස වෙස් වලාගෙන සිටි බව සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා. ගම්පොල ප්‍රදේශයේ ආයතනයක රැකියාව කරන සිය බිරිද එහි සේවය කරන තරුණයකු සමග අනියම් සබදතාවක් ඇතිකරගෙන ඇති බවත්, ඔවුන් දෙදෙනා එන තුරු තමා වෙස් වළාගෙන රැදී සිටි බවත් මෙම පුද්ගලයා ප්‍රකාශ කර ඇත.