වෙසක් බැලීමට ගිය තරුණ ජීවිත 04ක් අකාලයේ නිම වෙයි.

වෙසක් බැලීමට ගිය තරුණ ජීවිත 04ක් අකාලයේ නිම වෙයි.

මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේ පොළොන්නරුව බැඳිගම ප්‍රදේශයේ දී අද අලුයම 1.30ට පමණ සිදුවූ රිය අනතුරකින් තරුණයින් 04දෙනෙකුට අවාසනාවන්ත ලෙස ජීවිත වලින් සමුගැනීමට සිදුඋනා.කොළඹ සිට කල්මුණේ බලා පිටත් වූ අධි සුඛෝපභෝගී බස් රථයක යතුරුපැදියක් ගැටීම නිසායි මෙම අනතුර සිදුවී තිබුණේ.බස් රථයේ රියදුරුට නින්දයාම නිසා මෙම අනතුර සිදුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

යතුරුපැදියේ ගමන්කල තිදෙනා ඇතුළු සිව් දෙනෙක් මේ අනතුරෙන් ජීවිතක්ෂයට පත් උන අතර ඔවුන් 25,26,27සහ 44වයස්වල පසුවන්නන්.ඔවුන් සියලු දෙනාම පොළොන්නරුව බැඳිගම පදිංචිකරුවන්.වෙසක් සිරි නරඹා ආපසු නිවෙස් වලට යන අතරතුර දී ඔවුන් මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී තිබෙනවා.මේ වන විට බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අැති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.