මාළඹේ නිවසකින් වැඩිහිටි විවාහයක පුද්ගයෙකුගේ නිරුවත් මළ සිරුරක්...

මාළඹේ නිවසකින් වැඩිහිටි විවාහයක පුද්ගයෙකුගේ නිරුවත් මළ සිරුරක්...

අසල්වැසියන් විසින් දින දෙකක් තිස්සේ නොදැකීම නිසා සොයා බැලීමේදී ඇති වූ සැකය මත විවාහයක යුවළක මෘත ශරීර දෙකක් දැක පොලීස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දී තිබෙනවා.ඒ අනූව අතුරුගිරිය පොලිස් නිළධාරීන් රාත්‍රී 11ට පමණ එම ස්ථානයට ගොස් ඇති අතර ඒ වන විටත් එම නිවස දොරගුළු ලා තිබුණා.

ඒ අනූව පොලීසිය විසින් සිදුකල පරීක්ෂා කිරීම්වල දී වැඩිහිටි නිරුවත් මෘත ශරීර දෙකක් සොයාගෙන තිබෙනවා.ඒ අනූව රාත්‍රියේම දකුණු තලංගම මරණ පරීක්ෂකවරිය හා නුගේගොඩ අපරාධ පරීක්ෂණ නිළධාරීන් සිද්ධිය වූ ස්ථානයට කැඳවා ඇති අතර ඒ වන විටත් අදාළ කාන්තාව මිය ගොස් නැති බව තහවුරු වීමෙන් පසු ඇයව රෝහල්ගත කර තිබෙනවා.

70හැවිරිදි වියේ පසුවන ඇය විශ්‍රාමික ගුරුවරියක්.රෝගී තත්වයේ පසු වූ ඇගේ සැමියා වූ 68හැවිරිදි විශ්‍රාමික ජේෂ්ඨ පොලිස් අධිකාරී සුසාන් සිල්වා නැමැත්තා මියගොස් සිටියා.මෙම යුවළ ඇද වැටීම නිසා මෙම ඉරණමට ලක්වන්නට ඇති බවයි පොලීසියසැක කරන්නේ.