උණුසුම් පුවත් මැවූ සම්මානයෙන් පිදුම් ලැබූ සේයාරෑ

ආයුධ සන්නද්ධ ඇමරිකානු දේශසීමා ආරක්ෂක නිලධාරියා දැක බියපත්වී හඬන්නේ ඊලියන් ගොන්සාලේස් නම් සත් හැවිරිදි කියුබන් ජාතික දරුවාය.1999 වසරේ දිනක ඊලියන්ගේ මව තම දරුවා සහතවත් පිරිසක් සමඟ ඇමරිකා එක්සත් ජනපදය වෙත අනවසර මුහුදු සංක්‍රමණයක් කිරීමට තැත් දරන අතර එහිදී දියේ ගිලීමෙන් ඊලියන් ගොන්සාලේස් ගේ මව සහ තවත්දස දෙනෙකු මියයයි....ධීවරයන් පිරිසක් විසින් ඊලියන් සහ තව දෙදෙනෙකුගේ දිවි ගලවා ගෙන ඇමරිකානු බලධාරීන්ට භාර දෙනු ලබයි...දරුවාගේ භාරකාරිත්වය ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජීවත්වන නෑදෑයින් පිරිසකට පැවරෙයි....කියුබාවේ ජීවත් වූ දරුවාගේ පියා තම රජය හරහා ඇමරිකානු රජයෙන් ඉල්ලා සිටියේ තම පුතු,ඔහුගේ මව විසින් අනවසරයෙන් රැගෙන ගිය බවත් ඔහු නැවත තම භාරයට පත් කරන ලෙසත්ය...ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ජීවත්වූ දරුවාගේ නෑදෑ පිරිස දරුවා ආපසු පියා වෙතභාර දීමට එකඟ නොවූ අතර,ඊලියන් ගොන්සාලේස් දරුවා නිසා රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් ඇති විය...ඇමරිකාවේ ජීවත්වන කියුබන් සම්භවයක් ඇති ප්‍රජාවදරුවා ආපසු කියුබාවට ලබාදීමට විරුද්ධව උද්ගෝෂණ ව්‍යාපාර ගෙන ගියහ...කෙසේ වුවත් දීර්ඝ නීතිමයක්‍රියාදාමයකින් පසු ඇමරිකානු අධිකරණය තීන්දු කලේ ඊලියන් ගොන්සාලේස් දරුවාට වාඩාත් යහපත් ජීවිතයක් උරුම වන්නේ තම පියාගේ භාරකාරීත්වය තුල බවයි.එම අධිකරණ තීන්දුවෙන් පසුත් දරුවාගේ තාවකාලික භාර කරුවන් විසින් ඊලියන් ගොන්සාලේස්ව ආපසු භාරදීම ප්‍රතික්ෂේප කල බැවින් ඒ සඳහා බලය යෙදෙවීමට සිදුවිය..ජායාරූපයෙන් දැක්වෙන්නේ එම අවස්ථාවයි2000වසරේ අප්‍රේල් මස 22වෙනිදා දරුවා නැවත පියාගේ භාරකාරිත්වයට පැවරුණි....මෙම සේයාරුව2001 වසරේ උණුසුම් පුවත් සම්බන්දයෙන් වූපුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබීය....ආපසු කියුබාවට ගිය ඊලියන් ගොන්සාලේස් තම පියාගේ සෙවනේ හැදී වැඩුණි...හොඳින් තම අධ්‍යාපන කටයුතු කල ගොන්සාලේස් 2016වසරේ ඉංජිනේරු උපාධිය ලබා ගත්තේය..