# Root? මොකද්ද මේ Root?

# Root? මොකද්ද මේ Root?


සරලවම මේකට දෙන්න පුලුවන් හොදම උදාහරණය තමා පරිගණක මෙහෙයුම් පද්ධතිය. පරිගණකයෙත් තියනවනෙ admin user සහ guest user කියල දෙකක්.
admin නම් high privilege සහ guest නම් low privilege විදිහට. අපිට system එකට ඇතුල්වෙන්නනම් high privilege ඕන වෙනව ඒ කියන්නෙ admin permission ඕන වෙනව .
නැත්නම් system files වලට අත තියන්න බෑ. guest login වලින් ගියාම, දෙන දේ කාල වෙනදේ බලන් ඉන්නයි තියෙන්නෙ.
ෆෝන් වලත් ඒ වගේ තමා. ෆෝන් එකක් company එකෙන් එලියට එද්දි අපිට හම්බවෙන්නෙ guest හෙවත් low privilege විදිහට.
සාමාන්‍යය විදිහට අපිට ෆෝන් එක පාවිච්චි කරන්න පුලුවන්. ඒත් system එකට අත තියන්න බෑ. ඉතින් ෆෝන් එකේ system එකට අත තියන්න admin permission ඕනනම් මේ root කිරිල්ල කරන්න වෙනව.

# ඇත්තම ඔය Root කියන එක කෙරුවම ෆෝන් එකට මොකෝ වෙන්නෙ? #
මුලින්ම ෆෝන් එක root කෙරුව ගමන් වෙන දේ තමා warranty එක නැතිවෙන එක.

root කෙරුවම අපිත් high privilege user කෙනෙක් වෙනව කියල දැන් කට්ටිය දන්නවනෙ. හැබැයි ඔය root commands 100% වැඩ කරන්නනම් තවත් ෆයිල්ස් ටිකක් ඕන වෙනව.
ඒවට කියන්නෙ BusyBox Binaries ෆයිල් කියල. ඒවල තමා ඔය root commands ඇතුලත්වෙන්නෙ

# Root කරල අපිට කරගන්න පුලුවන් දේවල් මොනවද? #
මේ root කිරිල්ලෙන් ෆෝන් එක ගද්දි company දාල එවනම් කුණු ගොඩවල් සේරම අතුගාල දාන්න පුලුවන්. තව විදිහකින් කියනවනම් අපිට අනවශ්‍යය pre installed apps අයින් කරන්න පුලුවන්.
ඕවට සිංහලෙන් bloatware කියලත් කියනව.
තව දෙයක් තමා ඔය නිතර ඇහෙන custom rom / custom recovery කියන ඒව දාන්නත් root කරල තියෙන්නඕන
තවත් තියනව. සමහර android developers ල හදන apps වලට root access ඉල්ලනව. අන්න ඒ වගේ apps use කරන්නත් root කරල තියෙන්න ඕන.
මේ වගේ තවත් ප්‍රයෝජන root කිරිල්ලෙන් අපට ලැබෙනව. දැනට ඔය ඇති.

* විශේෂම කාරණාවක් තමා ගොඩක් අය හිතනව root කෙරුවම ෆෝන් එක speed වෙනව කියල. නැහැ ඒක එහෙම වෙන්නෙ නැහැ.
root කෙරුව කියල ෆෝන් එක speed කරගන්න බැහැ, හැබැයි root කරල ඉවරවෙලා bloatware වගේ දේවල් අයින් කරල ගත්තොත්නම් ෆෝන් එක speed කරගන්න පුලුවන්.

# එතකොට Custom Rom කියන්නෙ මොනවද? #

custom rom කියන්නෙ ලෝකෙ පුරා ඉන්න android developers ල හදන rom වලට. ගොඩක් වෙලාවට මේ custom rom හදන්නෙ stock rom වලට වඩා speed වැඩි වෙන්න. smooth වෙන්න.
තව එක එක mod එහෙම දාල UI එක වෙනස් කරල ලස්සන කරල. වෙනත් ෆෝන් වල තියන features port කරල. තව අර කලින් කිවුව bloatware එහෙම අයින් කරල, battery drain අඩු කරල.
ඔයවගේ ගොඩක් දේවල් add කරල තමා මේව develop කරල තියෙන්නෙ.
ප්‍රධානම වශයෙන් මේව වර්ග දෙකකින් එනව
ඒ තමා
# Stock Based ROM
# AOSP Based ROM
මේ දේවල් ගැන වැඩි විස්තර මම කියන්නෙ නෑ. මේ විස්තර ටික මදැයි.

# මොනවද මේ custom recovery ? #
custom recovery තවත් විදිහකට කියනවනම් advanced recovery එකක්. ෆෝන් එකට එන stock recovery එකෙන් කරන්න පුලුවන් factory reset වගේ දේවල්.
ඒත් custom recovery එකකින් ගොඩක් දේවල් කරගන්න පුලුවන්. official / unofficial rom/ custom rom installation . restoration, data / battery wipe, zip installation, adb sideload ඔයවගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්. ඔය දේවල් කරන්නම් අපිට custom recovery එකක් දාගන්න වෙනව

# සේරම කිවුව එකේ මේ Bootloader කියන එක ගැනත් පොඩියට කියන්නම් #
මේ bootloader කියන එකෙන් තමා ෆෝන් එක ඔන් කරද්දි ඒකෙ hardware කොටස් os එක ආරම්භවෙන්න උවමනාවෙන softwares එහෙම ok කියල බලන්නෙ.
මේ bootloader එක ෆෝන් වර්ගයෙන් වර්ගයට වෙනස් වෙනව. ඒ කියන්නෙ sony වලට එකක්, htc වලට එකක් , අන්න ඒ වගේ.
ඒ වගේම කියන්න ඕන සමහර ෆෝන් වල bootloader එක company එකෙන් එද්දිම unlock කරල එවන්නෙ, උදා : samsung
ඉතින් අපි ෆෝන් එකක් ගද්දි මේ bootloader කියන එක lock කරල තමා company එකෙන් එලියට එවන්නෙ. හේතුව තමා නොදැනුවත්කමින් මේක මොනාහරි කරන්න ගියොත් ෆෝන් එක bootscreen එකෙන් එහාට යන්නෙ නැතිවෙනව. (bootloop)

# මේ bootloader එකේ lock එක අයින් කරන්න පුලුවන්ද? #
ඔව් පුලුවන්. bootloader unlock කියන්නෙ ඒකට තමා. මේකෙන් ෆෝන් එකේ warranty එක අවලංගු වෙනව,

# bootloader එක unlock කරල මොනාද කරන්න පුලුවන්? #

bootloader එකක් unlock කරන්න ඕනවෙන්නෙ මෙන්න මේ කාරනාවන් කරනවනම්
ඒ තමා, Stock kernal එකෙන් boot නොවෙන custom kernal එකක් සහිත custom rom එකක් flash කරනවනම් bootloader unlock කිරීම අත්‍යාවශය කාරනාවක්.

===================================
ඒ වගේම මේක අමතර අවබෝධයක් පිණිසයි.
මේ වෙනකම් නිකුත්කරන ලද Android Versions
(1.5) - Cupcake
(1.6) - Doughnut
(2.0 - 2.1) - Eclair
(2.2 - 2.2.3) - Froyo
(2.3 - 2.3.7) - Gingerbread
(3.0 - 3.2.6) - Honeycomb
(4.0 - 4.0.4) - Ice Cream Sandwich
(4.1 - 4.3.1) - Jelly Bean
(4.4 - 4.4.4) - KitKat
(5.0 - 5.1.1) - Lollipop
(6.0 - 6.0.1) - Marshmallow
(7.0 - 7.1.1) - Nougat
=======================================================
ඉහත සදහන් root / bootloader unlock / custom rom installation / mod flash මේ සියල්ල මනා දැණුවත් වීමකින් කලයුතු දේවල් ය. පුංචි අතපසුවීමකින් හෝ ඔබගේ දුරකථනය අක්‍රීය වීමට ඇති ඉඩකඩ ඉතා ඉහලය. එබැවින් අවධානමට පෙර සූදානම් වන්න.
උපුටාගැනීම-ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ සමූහය-   Facebook. පිටුව වෙත පිවිසෙන්න..